මිරුසුවිල් ප්‍රදේශයේ ළදරුවන්ට යුද හමුදාවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය

ජුනි 28, 2022

සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කරන සුහදතාවයේ සලකුණක් ලෙස යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා මිරුසුවිල්හිදී ගැබිණි කාන්තාවන් පනස් දෙනෙකුට ළදරුවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 52 වන සේනාංකය යටතේ ඇති 521 බලසේනා මූලස්ථානය විසින් 11 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටයින්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් වන රජිකරන් ෂන්මුගරත්නම් මහතා මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, වඩමාරච්චි උතුරු සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම්, පේදුරුතුඩුව සහකාර පොලිස් අධිකාරී, යුද හමුදා සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.