යුද හමුදා මැදිහත්වීමෙන් යාපනය සිසුන්ට පාපැදි

ජුනි 29, 2022

යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පාසල් ළමුන් පිරිසකට පාපැදි 22ක් සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙත වියළි සලාක ඇසුරුම් 50ක තොගයක් කැනඩාවේ වෙසෙන දානපතියෙකු වන රජිකරන් ෂන්මුගරත්නම් මහතාගේ අනුග්‍රහයෙන් යුද හමුදාවේ මැදිහත්වීමෙන් පසුගියදා චාවකච්චේරිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී බෙදා දෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මගපෙන්වීම යටතේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මගින් ප්‍රදේශයේ සිවිල්-හමුදා සහයෝගීතාවය ද වැඩිදියුණු කර ශක්තිමත් කිරීම ද එක් අරමුණකි.

රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, පරිත්‍යාගශීලින්, ප්‍රජා සාමාජිකයින්, දෙමාපියන් සහ ගුරුවරුන් මෙම උත්සවයට එක්ව සිටියහ.