යුද හමුදාවෙන් උතුරේ සිසුන්ට බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක්

ජුලි 01, 2022

යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා (ජුනි 28) කිලිනොච්චියේදී සිසුන් සහ ගුරුවරුන් පිරිසක් සඳහා බැඩ්මින්ටන් පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. කිලිනොච්චි ක්‍රීඩාංගනයේ පැවති මෙම වැඩමුළුවට කිලිනොච්චියේ පාසල් 6ක සිසුන් 77ක් සහ ගුරුවරුන් 15 දෙනෙකු පැමිණ සිටි බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

පාසල් සිසුන් අතර ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා සංවිධානය කළ පුහුණු වැඩමුළුව ක්‍රිෂාන්ත ගොඩහේවා සහ ලුතිනන් ඒ.පී.සී. ගොඩහේවා විසින් මෙහෙයවන ලද අතර ඒ සඳහා සහභාගී වූවන්ට දිවා ආහාරය සහ ආහාරපාන ද ලබා දුන් බව එහි සඳහන් වේ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වන්සිංහ විසින් සහභාගී වූවන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කරන ලද අතර ක්‍රිෂාන්ත ගොඩහේවාගේ දායකත්වය වෙනුවෙන් ඔහු වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.