නැගෙනහිර පළාතේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජුලි 04, 2022

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසල් ළමුන්ට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සෞඛ්‍ය සේවා අංශයේ සහය ලබා දෙන ලදී.

ඒ අනුව, ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය නැගෙනහිර නාවික විධානයට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව පාසල් සිසුන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන පසුගියදා (ජුනි 27 සහ 28) පැවැත්වූ බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙහිදී හින්දු විද්‍යාලයේ සිසුන් 186 දෙනෙකු සහ ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේ සිසුන් 66 දෙනෙකු ඇතුළුව පාසල් සිසුන් 252 දෙනෙකුට කොවිඩ්-19 එන්නත ලබා දෙන ලදී.

නාවික හමුදා ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත මෙම වැඩසටහන පවත්වන ලදී.

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.