ආහාර සුරක්ෂිතතා ව්‍යාපාරයට අත්වැලක්

ජුලි 04, 2022

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් යාපනය අර්ධද්වීපයේ යුද හමුදා ගොවිපලවල විවිධ වර්ගවල කෙසෙල් පැළ සිටුවීම, එළවළු වගාකිරීම සහ වී වැපිරීමෙන් ආහාර සුරක්ෂිත කිරීමේ වැඩසටහන සඳහා දායකත්වය ලබාදීම ආරම්භ කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක කෙසෙල් වර්ග කිහිපයක් සිටුවා ව්‍යාපෘතිය ආරම්භ කළ බව යුද හමුදාව පවසයි.

තවද, ඊට සමගාමීව යුද හමුදා ගොවිපල ආශ්‍රිත කුඹුරුවල වී වගා කිරීමද ආරම්භ කළ බව යුද හමුදාව පවසයි.