සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේරුවිල බලකායට නව භට නිවාසයක්

ජුලි 12, 2022

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේරුවිල බලකා පරිශ්‍රයතුල අභිනවයෙන් ඉදිකල භට නිවාසය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රාමික) විසින් පසුගිය දා විවෘත කරන ලදී.

නව භට නිවස්නයකට මුල්ගල තැබීම මෙන්ම සේරුවිල බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ගඩොල් ව්‍යාපෘතිය සහ සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් බලකාය වෙත ලබා දී ඇති අක්කර 50ක පමණ භූමියේ කෘෂි ව්‍යාපෘති සහ වෙනත් බෝග ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා භූමිය නිරීක්‍ෂණය කිරීමේ කටයුතු ද මෙහිදී සිදුකරන ලද බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.