ආරක්‍ෂක ලේකම් පාර්ලිමේන්තු සංකීර්ණය අසලදී
තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජුලි 15, 2022

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජුලි 15) කොළඹ යුද හමුදා රෝහලට ගොස් පසුගිය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණය අසල රාජකාරියේ යෙදී සිටියදී විරෝධතාකරුවන් විසින් අමානුෂික ලෙස පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීය.

තවද මෙහිදී ජෙනරල් ගුණරත්න යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන සෙබළුන් සමඟ අදහස් කිහිපයක් හුවමාරු කර ගැනීමද සිදුවිය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.