නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන්
සුබසාධන ව්‍යාපෘති රැසක්

ජුලි 18, 2022

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 25 දෙනෙකු වෙනුවෙන් අත්වාරු බෙදා දීමේ තවත් එක් වැඩසටහනක් 2022 ජූලි මස 12 වන දින හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.

එයට සමගාමීව හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම්තුමන් හට රණවිරු කොඩිය පැළදවීමද මෙම වැඩසටහන අතරතුරදී සිදු කරන ලදී.

නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ පුහුණු හා උපදේශණ නිලධාරි සමන්ත මහතා සම්බන්ධ කර ගනිමින් කුඩා ව්‍යාපාර ආරම්භ කිරීම හා වැඩිදියුණු කර ගැනීම පිළිබදව රණක්ෂිතයට පත් රණවිරුවන් දැනුවත් කිරිමේ දේශණයක් ද සිදු කරන ලදී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 'හරිත දැයක්' ජාතික ගෙවතු වගා වැඩසටහන 2022 යටතේ ගෙවතු වගා ආරම්භ කිරීමට රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඹවුන්ගේ පවුල් වල සාමාජිකයන් යොමුකරවීම සදහා ඔවුන් හට එළවලු බීජ බෙදාා දීමටත් කටයුතු සිදුකරන ලදි.

මෙම වැඩසටහන් සදහා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රණවිරු සම්බන්ධීකරණ නිලධාරි, රණවිරු සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරිනි අජන්තා හේරත් මහත්මිය සහ රණවිරු සංසද සාමාජිකයන් සහභාගි විය.