දස්කම් දැක්වූ ජාතික පැරා මළල ක්‍රීඩකයෙකු රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ඇගයීමට

ජුලි 20, 2022

ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ TF42 මීටර් 100 කාණ්ඩයේ ශූරතාව රණවිරු සේවා අධිකාරියට හිමි කර දීමට සමත්වූ රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් සහ රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද දින රණවිරු සේවා අධිකාරියේදී පවත්වන ලදී.

මෙහිදී මෙම රන් පදක්කම් ලාභී රණවිරුවාගේ අනාගත ක්‍රීඩා සැලසුම් සහ විදේශ සංචාරයන් පිළිබඳ සොයා බැලීම ද සිදු කරන ලදී. ඔහුගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් පිළිබඳ සොයා බැලීම ද මෙහිදී සිදු විය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය දා පවත්වන ලද ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලිය - 2022 සඳහා රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් තරග වැදුණු රණවිරු අනිල් ප්‍රසන්න ජයලත් විසින් TF42 මීටර් 100 කාණ්ඩය ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබාගනිමින් එම ඉසව්වේ ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා භාර නිළධාරී මේජර් හිනිදුමගේ චන්දන මෙම අවස්ථාවට සහභාගි විය.