කටුනායක ඇති වූ ගින්න ගුවන් හමුදා සහායෙන් නිවා දැමේ

ජුලි 25, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීගමුව නාගරික ගිනි නිවාරණ අංශයේ සහ කටුනායක ආයෝජන මණ්ඩලයේ සහය ඇතිව කුරණ, කණුවන ප්‍රදේශයේ ආපන ශාලාවක ජුලි 23 වන දින හටගත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇත.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන භටයින් විසින් උදෑසන 0345 සිට 0700 දක්වා මෙම මෙහෙයුම සිදු කිරීමෙන් පසු ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කළේය.