කිලිනොච්චි රෝගීන් වෙනුවෙන් යුද හමුදාවෙන් ලේ පරිත්‍යාගයක්

ජුලි 29, 2022

කිලිනොච්චි රෝහල් බලධාරින්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ලේ පරිත්‍යාග කරන ලදී.

මෙම ලේ දන්දීමේ වැඩසටහනේදී 1 වන බලකා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත 57 සේනාංකය, 66 සේනාංකය, 4 වන සන්නද්ධ බුද්ධි බළකාය, 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ‘බී’ බලඝණය යටතේ ඇති යුද හමුදා සෙබලුන් 155 දෙනෙකු සහ කිලිනොච්චි හි පොලිස් නිලධාරීන් මෙම උදාර කටයුත්ත සඳහා දායක වූ බව යුද හමුදාව ප්‍රකාශ කළේය.