නැඟෙනහිර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක

ජුලි 29, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැගෙනහිර තොප්පිගල, කිලිවෙඩ්ඩි, කිරිල්ලවැලි වැලිකන්ද, සිංහපුර, සෙවනපිටිය සහ කටුවන්විල යන ප්‍රදේශවල පදිංචිකරුවන් අතර, රුපියල් 5000 ක් වටිනා වියළි සලාක ඇසුරුම් 200 ක තොගයක් පසුගියදා බෙදා දෙන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ ඉල්ලීමකට අනුව ගම්පහ ප්‍රදේශයේ දානපතියකු වන ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වූ බව යුද හමුදාව පවසයි.

මෙම වැඩසටහන සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් පිරිසක් එක් විය.