පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හමුදා ක්‍රීඩකයන්ගෙන් දස්කම්

අගෝස්තු 03, 2022

එක්සත් රාජධානියේ බර්මින්හැම්හිදී පැවත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඊයේ (අගෝස්තු 02) පැවති කාන්තා මීටර් 800 ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරි ගයන්තිකා අබේරත්න සමත් විය.

ඒ අනුව, ඇය විසින් මීට පෙර තබන ලද මිනිත්තු 2 යි තත්පර 01.44 ක ජාතික වාර්තාව අභිබවායමින් විනාඩි 2 යි තත්පර 01.20 ක කාලයක් ලබාගනිමින් එම වාර්තාව අලුත් කරන ලදී. තවද මීටර් 1500 සහ මීටර් 5000 ඉසව්වල ජාතික වාර්තා ද ඇය සතු බව නාවික හමුදාව පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා යුද හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක, 2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ කෝප්‍රල් Y.D.I කුමාර විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ 55 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.