නව අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම් පත් කෙරේ

අගෝස්තු 03, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම් ලෙස ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය අද (අගෝස්තු 03) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

ඒ අනුව, විජේගුණවර්ධන මහත්මිය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙතින් අද අමාත්‍යාංශයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය.

විජේගුණවර්ධන මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අතර මෙම පත්වීම භාර ගැනීමට පෙර ජනාධිපති අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කරන ලදී.

ඇය, විවිධ උසස් නිලයන් රැසක් හොබවා ඇති අතර වසර 22 කට  අධික සේවා කාලයක් වන තම වෘත්තීය ජීවිතය තුළ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර ඇත.

ඇයට පෙර මෙම තනතුර දැරූ ආර් එම් පී එස් රත්නායක මහතා අගෝස්තු 01 වන දින අතිරේක ලේකම් - ආරක්‍ෂක ලෙස පත් කරන ලදී.