ශ්‍රී ලංකා සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායන් අතර නවදිල්ලියේ දී ඉහළ මට්ටමේ රැස්වීමක්

අගෝස්තු 27, 2019

ඉන්දියානු වෙරළාරක්‍ෂක බළකාය (ICG) සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකාය (SLCG) අතර සිව්වන වරට පවත්වන ලද වාර්ෂික ඉහළ පෙළ රැස්වීම පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ජී ඩි ඒ එස් විමලතුංග ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් නායකත්වය දැරූ අතර ඉන්දියානු වෙරළාරක්‍ෂක බළකා ප්‍රධානියා අධ්‍යක්ෂක ජෙනරාල් කේ නටරාජන් ඉන්දීය නියෝජිතයින් වෙනුවෙන් නායකත්වය දරන ලදී.

ධීවර කටයුතු,ආරක්ෂාක තත්වය, ධාරිතා වර්ධනය, සහයෝගීතාවය,තොරතුරු හුවමාරු කර ගැනීම සහ ද්වි / බහු පාර්ශ්වීය අභ්‍යාස යනාදී කරුණු රාශියක් පිළිබදව රැස්වීමේදී සාකච්ඡා කරන ලදී .

මෙම රැස්වීමේදී වෙරළාරක්ෂක බලකායන් දෙපාර්ශවය “The Establishment of Collaborative Relationship to Combat Transnational Illegal Activities at Sea and Develop Regional Cooperation between SLCG & ICG” පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹුණි.