නල්ලතන්නිය - මස්කෙළිය මාර්ගයේ ගමනාගමනය යුද හමුදා මගින් යථා තත්ත්වයට

අගෝස්තු 10, 2022

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයට ඇද වැටුනු පස් කන්දක් ඉවත් කර රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදා භට පිරිස් විසින් කටයුතු කරන ලදී.

නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සහාය ඇතිව 112 බලසේනාවේ 19 ජාතික ආරක්ෂක බළ මුළුවේ භට පිරිස් පැය කිහිපයක් ඇතුළත එම කාර්යය ඉටු කළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.