කිලිනොච්චි සිසුන් අතර බැඩ්මින්ටන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් යුද හමුදාවෙන්

අගෝස්තු 23, 2022

කිලිනොච්චියේ පාසල් සිසු සිසුවියන් අතර බැඩ්මින්ටන් කුසලතා වැඩි දියුණු කිරීම සඳහා යුද හමුදාව විසින් පසුගියදා උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී බැඩ්මින්ටන් තරඟාවලියක් සංවිධානය කරන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චි හින්දු මහා විද්‍යාලය සහ කිලිනොච්චි ශාන්ත තෙරේසා විද්‍යාලය යන පාසල් වලට අයත් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම උත්සවයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන් සහ කිලිනොච්චි ක්‍රීඩා නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූ බව ද යුද හමුදාව සඳහන් කළේය.