පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී

අගෝස්තු 26, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සැලසුම් කරන ලද පුනර්ජනනීය බලශක්ති වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිල වශයෙන් ආරම්භ කරමින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ කිලෝවොට් 5 ක සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කරන ලදී.

පවතින බලශක්ති අර්බුදයට දේශීය විසඳුම් සෙවීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත මෙම පුනර්ජනනීය බලශක්ති වැඩසටහන ආරම්භ කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

අනාගත බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා තවදුරටත් වැඩිදියුණු කිරීම් සඳහා ප්‍රතිපාදන සහිතව මෙම පද්ධතිය ආරම්භ කර ඇති බව ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sinhala.