පාසැල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානයක් යුද්ධ හමුදාවෙන්

අගෝස්තු 28, 2022

අම්පාර දිස්ත්‍රීක්කයේ පිහිටි දුෂ්කර පාසලක් වන අම්පාර දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් සදහා පාසැල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානයක් 532 බලසේනාධීපති කර්නල් එස්පි වික්‍රමසේකර ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු මස 23 වන දින පවත්වන ලදි.

මෙම වැඩසටහන 4 වන බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඩීඩීආර් වීරපුර ගේ මග පෙන්විම මත වැඩසටහනෙහි සම්පත් දායකත්වය සෝල් පදනමෙහි විශ්‍රාමික මේජර් කුසුම්සිරි ලියනගේ සහ අම්පාර මහජන බැංකුව විසින් ලබාදෙන ලදි.