කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ජපානයේ ජේ.එෆ්. ඔබර්ලින් විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුම්

අගෝස්තු 31, 2022

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ජපානයේ ටෝකියෝ හි ජේ.එෆ්. ඔබර්ලින් විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් ඊයේ (අගෝස්තු 30) අත්සන් කර ඇත.

විශ්වවිද්‍යාල දෙක අතර සහයෝගීතාව සඳහා පොදු රාමුවක් සැකසීම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මූලික අරමුණයි. ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සහ අධ්‍යාපනික හා අධ්‍යයන ද්‍රව්‍ය හුවමාරුව සිදු කිරීම ද මෙමඟින් අපේක්‍ෂා කෙරේ.

මෙම අවබෝධතා ගිවිසුම කළමනාකරණ, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය හේමන්ත ප්‍රේමරත්න සහ ඔබර්ලින් විශ්වවිද්‍යාලයේ විද්වතුන් සමඟ සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි.

තවද, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල දූත පිරිසක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඔබර්ලින් විශ්වවිද්‍යාලයට පිටත්වීමට නියමිත බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මෙම වැඩපිළිවෙළ උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමේ සහ ස්ථිර සහයෝගීතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

මේ අතර, තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම වර්ෂ 2015 දී විශ්වවිද්‍යාල දෙක අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ද අලුත් කරන ලදී.