යුද හමුදා භට පිරිස් කතරගම වැව් වේල්ල ප්‍රතිසංස්කරණය කරයි

සැප්තැම්බර් 02, 2022

ගම්වාසීන්ගේ සහ වාරිමාර්ග නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි යුද හමුදා භට පිරිස් විසින් සෙල්ල කතරගම කරවිල වැවේ වේල්ල ප්‍රතිසංස්කරණය කර පසුගියදා එය ගම්වාසීන් වෙත භාරදෙන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති සහ වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ සමීප අධීක්ෂණය යටතේ 122 බලසේනාවේ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ   භට පිරිස් විසින් ගම්වාසීන්ගේද සහාය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලද බව යුද හමුදා ආරංචි මාර්ග පැවසීය.