ජාතික වශයෙන් වැදගත් මෘදුකාංග විසදුම් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන්

සැප්තැම්බර් 02, 2022

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ අවසන් වසරේ සිසුන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික වශයෙන් වැදගත් වන මෘදුකාංග විසඳුම් තම අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘති ලෙස තෝරාගෙන ඇත.

මෙම මෘදුකාංග විසඳුම් පිළිබඳ නිදර්ශන සැසිය 2022 අගෝස්තු 31 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග වෙත ඉදිරිපත් කරන ලදී.

පරිගණක පීඨයේ පීඨාධිපති ආචාර්ය ඒ.ඩී.ඒ.අයි ගුණසේකර, ව්‍යාපෘති සම්බන්ධීකාරක මහාචාර්ය ටී.එල්.වීරවර්ධන, අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්, අවසන් වසර සිසුන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති බුද්ධි අංශ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි වූහ.