හම්බන්තොට රෝහලට යුද හමුදා සෙබළුන්ගෙන් ලේ දන්දීමක්

සැප්තැම්බර් 14, 2022

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ රුධිර සංචිත පවත්වා ගැනීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

12 වන සේනාංකය සහ කොළඹ රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා 12 වන සේනාංකයේ සහ 122 බලසේනාව යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.