වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කෙරේ

සැප්තැම්බර් 18, 2022
  • බ්‍රිතාන්‍ය මහරැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

බ්‍රිතාන්‍ය මහරැජින දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ගරු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය අතර එම  කාලය තුළ ඔවුන් අදාළ අමාත්‍යාංශ භාරව කටයුතු කරනු ඇත.

ඒ අනුව, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.