නාවික හමුදාවෙන් දිවයින වටා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක්

සැප්තැම්බර් 19, 2022

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාව විසින් සැප්තැම්බර් 17 වන දින සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි දිවයින වටා වෙරළ තීරයන්හි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.

ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් ගාලුමුවදොර සහ කාක දූපත වෙරළ තීරයන්, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලයේ බැක් බේ වෙරළ තීරය, උතුරු මැද නාවික විධානය මඟින් ඌරුමලෙයි වෙරළ තීරය, වයඹ නාවික විධානය මඟින් කල්ලාරු, ආනවසල, ගඟේ වාඩිය සහ කරුකපනේ වෙරළ තීරයන්, ගිනිකොන නාවික විධානය මඟින් ආරුගම්බේ වෙරළ තීරය, උතුරු නාවික විධානය මඟින් මාදගල්, පුංගුඩුතිව් සහ ඩෙල්ෆ්ට් වෙරළ තීරයන් සහ දකුණු නාවික විධානය මඟින් රැකව වෙරළ තීරය යන  වෙරළ  තීරයන් හි මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් පවත්වන ලද බව නාවික හමුදාව පවසයි.