ශ්‍රී ලංකා භටපිරිස් වෙත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ක්‍රීඩා උළලේ කඹ ඇදීමේ තරඟාවලියේ ජයග්‍රහණය

සැප්තැම්බර් 21, 2022

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයෙහි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හී නිරතව සිටින භටපිරිස් අතර සුහදත්වය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ක්‍රීඩා උළෙල අගෝස්තු මස 18 දින සිට 19 දින දක්වා පැවැත්විණි.

එම තරඟාවලියේ කඹ ඇදීමේ තරඟාවලිය සඳහා සහභාගී වූ ලෙබනනයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ 13 වන බලකා ආරක්‍ෂක කණ්ඩයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම තවත් රටවල් 24 ක් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම් පරදවමින් 3 වන ස්ථානය දිනාගැනීමට සමත්වූහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් බෲනෝ හ්‍යුලි (Brigadier General Bruno Heuli) විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මේ අතර, ලෙබනනයේ නකුරා ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකා මුලස්ථානයේ පිහිනුම් තටාකයේ පැවති ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා පිහිනුම් තරඟාවලියේ මීටර් 40 නිදහස් ආර ඉසව්වේ 3 වන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් ආර්.ඒ.අයි. පුෂ්පකුමාර විසින් දිනාගත් අතර මීටර් 40 x 4 නිදහස් ආර ඉසව්වේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාවේ 13 වන බලකා ආරක්‍ෂක කණ්ඩයේ පිහිනුම් කණ්ඩායම විසින් දිනාගනු ලැබූහ.

අනුග්‍රහය - www.army.lk