යුද හමුදා ක්‍රීඩකයෙක් රිටි පැනීමේ නව වාර්තාවක් පිහිටුවයි

සැප්තැම්බර් 22, 2022

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෙක් රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා ඇත. 2023 ආසියානු මලල ක්‍රීඩා උළෙලේ තේරීම් තරග වලදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ කේ පුවිතරන් මීටර් 5 යි සෙන්ටිමීටර 15 ක උසක් සම්පූර්ණ කරමින් මෙම නව වාර්තාවක් පිහිටුවනු ලැබූ බව යුද හමුදා මාධ්‍ය පවසයි.

ආසියානු තරඟාවලිය සඳහා තේරීම් මේ මස (සැප්) 17 සිට 19 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

යුද හමුදාවේ දක්ෂ ක්‍රීඩකයෙකු වන පුවිතරන් ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ සහ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ රිටි පැනීමේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකා ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ද දිනාගෙන ඇති බව එහි සඳහන් වේ.