ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ජාතික ශිෂ්‍ය භට බළකායේ සංචාරක

සැප්තැම්බර් 23, 2022

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (22) පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍ය භට බළකා මූලස්ථානයේ නිළ සංචාරයක නිරතවිය. රාජ්‍ය අමාත්‍ය ධූරයේ  වැඩ භාර ගැනීමෙන් පසු ජාතික ශිෂ්‍ය භට බළකායේ එතුමන්ගේ පළමු සංචාරයද මෙය වේ.

ජාතික ශිෂ්‍ය භට බළකා මූලස්ථානය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යතුමන් එහි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්. බී. ජයසුන්දර (විශ්‍රාමික) විසින් පිලිගන්නා ලදී. අනතුරුව ජාතික ශිෂ්‍ය භට බළකායේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්විය.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් පැළයක් රෝපණය කිරීමද මෙහිදී සිදුවිය.

ජේෂ්ඪ හමුදා නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.