මොරවක කීරම ප්‍රදේශයේ හටගත් ලැව්ගින්න යුද හමුදාව විසින් මැඩපවත්වයි

සැප්තැම්බර් 27, 2022

මොරවක කීරම, මාපිටිකන්ද කැලෑ ප්‍රදේශයේ අක්කර 30ක පමණ ප්‍රදේශයක පැතිර ගිය ලැව්ගින්නක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා මැඩපවත්වා ඇත.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 12 වන සේනාංකයට අයත් 122 බලසේනාවේ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළුමු‌ළුවේ භට පිරිස් විසින් පැය කිහිපයක් ඇතුළත ගින්න පාලනය කළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.