කොරියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 04, 2022

නවදිල්ලියේ පිහිටි කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් හන් ජොන්ගුන් අද (ඔක්තෝබර් 04) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ලුතිනන් කර්නල් ජොන්ගුන් ජෙනරල් ගුණරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර දෙදෙනා අතර පැවති සුහද හමුවේදී කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.