සාම සාධක රාජකාරීන්හි නිරත ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් වෙත පදක්කම්

ඔක්තෝම්බර් 11, 2022

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි යටතේ දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි 8 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලංකා භටපිරිස්හි සේවය අගයමින් පසුගියදා දකුණු සුඩානයේ බෝර්හි පැවති පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයකදී ඔවුන් වෙත පදක්කම් ප්‍රදානය කරන ලදී.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් බළකාධිපති ලුතිනන් ජෙනරල් මොහාන් සුබ්‍රමනියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරල් ධෘබා ප්‍රකාශ් ෂා, ක්ෂේත්‍ර කාර්යාල ප්‍රධානී ගීතා පියස් මහත්මිය ඇතුළු සිවිල් සහ හමුදා ප්‍රධානීන් රැසක් එක්ව සිටි බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි 8 වන කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන් එම් නිෆ්ලර් විසින් පැමිණි ආරාධිතයින් පිළිගනු ලැබීය.