Army Keystone Doctrine සහ General Staff Publication ග්‍රන්ථයන්හී මංගල පිටපත් ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වේ

ඔක්තෝම්බර් 12, 2022

යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සම්පාදිත Army Keystone Doctrine ග්‍රන්ථය සහ General Staff Publication ග්‍රන්ථයේ වෙළුම් 12ක මංගල පිටපත් 73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අද (11) දින උදෑසන පැවති චාම් උත්සවයකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම්ෆීල් වෙත පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම්ෆීල් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් එම කෘතීන්හී මුල් පිටපත් පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවට සමගාමීව ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම්ෆීල් විසින් Army Keystone Doctrine ග්‍රන්ථයෙහි විද්‍යුත් පිටපතක් ද එළිදැක්වීය.

ඉන් අනතුරුව, මෙම උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම්ෆීල් යුද්ධ හමුදාධිපතිතුමන් සහ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඇගයීමට ලක්කළේය. අනාගතයේ ඇතිවිය හැකි අභියෝගයන් සඳහා විසඳුම් ලබාදීමට වර්ථමානයේ පවතින ගැටළු පිළිබඳව අවබෝධයෙන් යුතුව යුද්ධ හමුදාවට මෙන්ම ජාතිය වෙනුවෙන් සේවය කිරීමට සියලුදෙනා වෙත ආරාධනා කළ ආරක්‍ෂක ලේකම් මෙම උත්සවය සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරන ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහ පර්යේෂන සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී විසින් මෙම උත්සව අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ.

අනුග්‍රහය - www.army.lk