වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ගාලුමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ඔක්තෝම්බර් 22, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව‌ට අයත් සුරක්‍ෂා නෞකාව විසින් ඔක්‌තෝබර් මස 21 වැනිදාට යෙදී තිබූ සිය 5 වැනි සංවත්සරය නිමිත්තෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්  පසුගියදා ගාලුමුවදොර තීරයේ දී පවත්වන ලදී.

ප්ලාස්ටික්, පොලිතීන් සහ අනෙකුත් හානිකර අපද්‍රව්‍ය අපරික්ෂාකාරී ලෙස සාගරයට බැහැර කිරීම හේතුවෙන් තර්ජනයට ලක්වන සමුද්‍ර පරිසර පද්ධතිය සුරැකීමට කටයුතු කරන ආයතනයක් වන සුරක්ෂා කණ්ඩායම විසින් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී.