සඳහිරු සෑ මළුවේ ‘ඝාණ්ඨාරය’ විවෘත කෙරේ

ඔක්තෝම්බර් 22, 2022
  • ආරක්‍ෂක ලේකම් ‘සඳහිරු සෑයේ’ඉතිරි වැඩ කටයුතු සමාලෝචනය කරයි

සඳහිරු සෑය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ගාමක බලවේගය වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අනුරාධපුර විහාරස්‌ථානයට පැමිණ ආගමික ආශිර්වාද මධ්‍යයේ අභිනවයෙන් ඉදිකරන ලද ඝණ්ඨාරය බැතිමතුන් වෙත ඊයේ (ඔක්‌තෝබර් 22) පවරා දුන්නේය.

පෞරාණික ව්‍යුහාත්මක සැලසුමක් සහිතව ඉදිකරන ලද ඝණ්ඨාර කුළුණේ උස අඩි 25 ක් වන අතර ඝණ්ඨාරයේ බර කිලෝ 200 කි. ඝණ්ඨාර කුළුණේ පහළ කොටසේ නෙත් සිත් ඇදගන්නා ගල් කැටයම් ද දක්නට ලැබේ.

ඝණ්ඨාරය යනු බෞද්ධ විහාරස්ථාන සංකේතවත් කරන නිමවුමක් වන අතර ධනාත්මක ශක්තිය ආකර්ෂණය කර ගනිමින් පූජ්‍යත්වය සහ අධ්‍යාත්මික වැදගත්කම පෙන්නුම් කරන බැවින් එය විහාරස්ථානයකට අත්‍යවශ්‍ය ඉදිකිරීමක් ලෙස සැලකේ. පුරාණ විශ්වාසයන්ට අනුව එය කණට සුමිහිරි විශ්වීය ඝෝෂාවක් ඇති කර සෙමෙන් වටපිටාව වෙත අතුරුදහන් වෙයි.

පන්සල් චාරිත්‍ර වාරිත්‍ර සඳහා බැතිමතුන් සහ ගම්වැසියන් කැඳවීමට, පණිවිඩ යැවීමට සහ ඇතැම් විට සිදුවිය හැකි විපත් පිළිබඳව අනතුරු ඇඟවීමට ඝණ්ඨාර ශබ්දය විවිධ ආකාරයෙන් නාද කරයි.

විහාර වාස්තු විද්‍යාවේ නිර්මාණකරු කර්නල් මොහාන් කුමාර් පවසන පරිදි, ස්ථූප පරිශ්‍රයට ඝණ්ඨාරය අලුතින් එකතු කිරීම සඳහා ‘සසුනට අරුණ’ සංගමය අනුග්‍රහය දක්වා ඇත.

මෙම පූජනීය ස්ථානයට ගිය අවස්ථාවේදී ජෙනරල් ගුණරත්න විසින් පරිපාලන ගොඩනැඟිලි, ගල් කැටයම්, කෞතුකාගාරයේ ඉදිකිරීම් සහ බැතිමතුන්ගේ වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති භූමි ප්‍රමාණය පිළිබඳ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කල අතර ස්තූපයේ බාහිර ඉදිකිරීම් වල ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ද සොයා බලන ලදී.

පූජ්‍ය මහා සංඝරත්නය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ව්‍යාපෘති නිලධාරීන් සහ බැතිමතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.