කාබනික පොහොර යොදා යුද හමුදාවෙන් වගාකරන ලද වී අස්වනු නෙලීම සිදුකෙරේ

ඔක්තෝම්බර් 27, 2022

3 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ භට පිරිස් විසින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ලද වී අස්වැන්න නෙළා ගැනීම පසුගියදා සිදුකරන ලදී.

ඉදිරි නඩත්තු ප්‍රදේශයේ (නැගෙනහිර) ට අයත් 3 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකාය විසින් යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත කඳවුර තුළ අක්කර පහක පමණ වගුරු බිම කුඹුරු ඉඩම් බවට පත් කර වී වගා කරන ලද බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.
 
3 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඩී.පී.‌ෙක් විතාන ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් අස්වනු නෙලීමේ උත්සවයට සහභාගී වූහ.