ගිං ගඟේ සිරවී ඇති සුන්බුන් නාවික හමුදාවෙන් ඉවත් කෙරේ

ඔක්තෝම්බර් 31, 2022

ගිං ගඟේ අගලිය, වක්වැල්ල සහ දොඩංගොඩ යන පාලම් යට සිරවී තිබූ සුන්බුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ඉවත් කරන ලදී.
 
ගිං ගඟේ ජල ප්‍රවාහයට හසුවන බොහෝ සුන්බුන් පාලම් යට සිරවී එහි ස්වභාවික ජල ප්‍රවාහයට බාධාවීමෙන් අවට පහත් බිම්වලට ගංවතුර තර්ජනයක් ඇතිවේ.

මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින්, නාවික හමුදාව ඔවුන්ගේ කිමිදුම් කණ්ඩායම් සහ දක්ෂිණ නාවික විධානය යටතේ සේවයේ නියුතු ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ භට පිරිස් යොදවා මෙම අවහිරතා දෙකක් ඉවත් කරන ලදී.

ගිංතොටින් සාගරයට ගලා බසින ගිං ගඟ හරහා වක්වැල්ල, අගලිය සහ දොඩංගොඩ පටු පාලම් යට එකතුවන සුන්බුන් ඉවත් කිරීම නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලැබේ.