අනතුරකට ලක්ව මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවේ සහාය

නොවැම්බර් 01, 2022

රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ දේහය බදුල්ල මහ රෝහලේ සිට ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ඊයේ (ඔක්තෝබර් 31) කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරන පරිදි, මියගිය අයගේ දේහය බෙල් 412 හෙලිකොප්ටරයකින් කොළඹට ගෙනවිත් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ හදවත් බද්ධ කිරීමක් ඇතුළු අත්‍යවශ්‍ය අවයව බද්ධ කිරීම සඳහා ය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ගුවන් මෙහෙයුම සිදු කර ඇත.