මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක

නොවැම්බර් 01, 2022

මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙස සිය ධූරයේ රාජකාරි භාරගත් ඩග්ලස් සොනෙක් මහතා (Mr. Douglas Sonnek ) ඔක්තෝබර් 24 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙත සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙත සපැමිණි ඩග්ලස් සොනෙක් මහතා මේජර් ජෙනරල් චම්පක රණසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව පැවති සුහඳ හමුව අතරතුරදී වන්නි ප්‍රදේශයේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආරක්‍ෂක හමුදාවන් සිවිල් ජනතාව සමඟ එක්ව ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වැඩිදියුණු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග, කෘෂිකාර්මික කටයුතු සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය සහ ප්‍රදේශයේ ආරක්‍ෂාව යන කරුණු කෙරෙහිද අවධානයක් යොමුකරමින් සාකඡ්චා සිදුකරන ලදී.

මෙම සුහද හමුව සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරි සහ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් (Lieutenant Colonel Anthony Nelson), සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා (Mr. Seth Nevins) සහ දේශපාලනික අංශ නිලධාරි අනාමිකා චක්‍රවර්ති (Ms. Anamika Chakravorty මහත්මියද එක්ව සිටියහ.

අනුග්‍රහය : www.army.lk