ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ වැඩසටහන් යාපනයේදී

අගෝස්තු 29, 2019

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් 2019 අගෝස්තු 23 වන දින සිට 26 දින දක්වා යාපනයේ සහ එහි දූපත් ආශ්‍රිතව පැවැත්විණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි උතුරු නාවික විධානය විසින් කරෙයිනගර්, මාදගල් හා වෙත්තලකර්නි යන ප්‍රදේශවල මෙන්ම දුපත් ආශ්‍රීතව කයිට්ස්, මන්ඩතිව්, පුන්ගුඩුතිව් යන ප්‍රදේශවලද වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන්, පැළ සිටුවීමේ වැඩසටහන්, නීති විරෝධී මත්ස්‍ය කාර්මාන්තයේ ආදීනව පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහන් සහ ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදී. මීට අමතරව වෙත්තලකර්නි ප්‍රදේශයේදී සුහද ක්‍රිකට් තරගයක්ද ඩෙල්ෆ් දුපතේ තිබෙන පාසැල් සඳහා ආරක්ෂක කමිටු පිහිටුවීමද මෙහිදි සිදුවිය.