යුද හමුදාව සවි එසවීමේ සමස්ත ශූරතාව දිනා ගනී

නොවැම්බර් 03, 2022

2022 ජාතික සවි ඉසිලීමේ තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට යුද හමුදා සවි එසවුම් ක්‍රීඩකයින් සමත් විය.

සෙනසුරාදා (ඔක්තෝබර් 29) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ජාතික තරඟයේදී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 01ක් දිනා ගනිමින් සමස්ත ශූරතාව දිනාගැනීමට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

යුද හමුදාවේ බළලත් නිලධාරී II, එස්.කේ.එස්. ප්‍රදීප් ශ්‍රී ලංකා බල එසවීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද තරඟයේ දක්ෂතම සවි එසවුම්කරු ලෙස තේරී පත් විය.