යාපනයේ පවුලකට යුද හමුදාවේ මැදිහත් වීමෙන් මහන මැෂිමක්

නොවැම්බර් 03, 2022

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 55 වන සේනාංක මුලස්ථානය විසින් යාපනය කෙවිල් ප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙත එම පවුලේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මහන මැෂිමක් පරිත්‍යාග කරන ලදී.

මදුරන් නදියා මහත්මියගේ සහ ඇයගේ දියණියන් දෙදෙනාගේ සහ පුතා වෙනුවෙන් කොළඹ පදිංචි පී සුබද්‍රා මහත්මිය රුපියල් 175,000/= ක් පමණ වටිනා මෙම මහන මැෂිම පරිත්‍යාග කරමින් එම පවුල වෙත ශක්තියක් වූ බව යුද හමුදාව වාර්තා කළේය.

55 වන සේනාංක මූලස්ථානය විසින් ඇයගේ මැසූ ඇඳුම් අලෙවි කිරීම සඳහා වෙනම ස්ථානයක් ද වෙන් කර දී ඇති අතර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටි බව යුද හමුදාව තහවුරු කළේය.