දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්

නොවැම්බර් 04, 2022

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැ 04) නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව උතුර, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීත් වැසි අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද වැසි ඇති විය හැකි අතර සුළං දිශාව නිරිත දෙසින් හෝ වෙනස් වන සුළු වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

කාලගුණය ආශ්‍රිත සිදුවීම්වලින් සිදුවන හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ ජනතාවට සහ ධීවර ප්‍රජාවට උපදෙස් දෙනු ලැබේ.