ජාත්‍යන්තර රතු කුරුස නියෝජිත කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 09, 2022

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී Severine Chappaz මහත්මිය අද (නොවැ 09) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

අද පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි Chappaz මහත්මිය ආරක්‍ෂක ලේකම් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම හමුවේදී ජෙනරල් ගුණරත්න සහ Chappaz මහත්මිය අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සේවාවන් අගය කළ ආරක්‍ෂක ලේකම් එහි ඉදිරි කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය. ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මෙහෙයුම් සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් Chappaz මහත්මිය ආරක්‍ෂක ලේකම් වෙත සිය කෘතඥතාව පළ කළාය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සන්නද්ධ හමුදා නියෝජිත Albert Schoneveld මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.