රණවිරු සේවා අධිකාරියෙන් ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහක්

නොවැම්බර් 10, 2022

ආයුර්වේද දෙපාර්තුමේන්තුව සහ රණවිරු සේවා අධිකාරිය එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන "හෙළ විරු සුව ධරණී" සුව සායන සුව සේවා වැඩසටහන් මාලාවේ සමාරම්භක උළෙල අද (නොවැම්බර් 10) කෑරගල රණවිරු ගම්මානයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම වෛද්‍ය වැඩසටහනට සමගාමීව කෑරගල රණවිරු ගම්මානයේ සහ දොම්පේ රණවිරු සංසදය නියෝජනය කරන රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ ප්‍රදානය කිරීමද සිදුවිය.

අනතුරුව යුද්ධයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වෛද්‍ය සායනික කටයුතු ආරම්භ කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), එහි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරී වීරසේකර මැතිණිය, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ රණවිරු සේවා අධිකාරියේ කාර්යමණ්ඩලය මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.