09 වන

අගෝස්තු 31, 2019

අඛණ්ඩව 9 වන වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දෙදිනක පුර පවත්වන ලද බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) දින අරම්භ වූ යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම  ආරක්‍ෂක සම්මන්ත්‍රණය වන "කොළඹ ආරක්‍ෂක සමුළුව" සිකුරාදා (අගෝස්තු 30) දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  සාර්ථකව නිමාවට පත්විය.

සමුළුවේ ආරම්භක උත්සවය සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් ආරම්භක දේශනය පවත්වන ලදී.

“සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය” යන තේමාව යටතේ මෙම වසරේ සම්මන්ත්‍රණය පැවැත්විණි.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.

මෙවර සමුළුව සඳහා ත්‍රිවිද හමුදා සාමාජිකයන්, විද්වතුන්, බුද්ධිමතුන්, ආරක්‍ෂක විශේෂඥයින් සහ ආරාධිතයන් 800කට ආසන්න සංඛයාවක් සහභාගී විය.

ආරක්‍ෂක හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වෘතිකයින් අතර තේමාත්මක මාතෘකාවන් පිළිබඳව බුද්ධිමය සාකච්ඡාවන් සඳහා දින දෙකකදී සැසිවාර 09 ක් පුරා අවශ්‍ය අවකාශය සලසා දෙන ලදී.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් ආරක්‍ෂක සම්මන්ත්‍රණයේ සමාප්ති දේශනය සිදුකරණ ලදී.