යුද හමුදා භට පිරිස් කැලණි ගඟේ අවහිරතාවයක් ඉවත් කරති

නොවැම්බර් 14, 2022

කැලණි ගඟේ මාපිටිගම, නවගමුව ‘පොඩි පාලම’ අවට ඇතිවූ අවහිරයක් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සෙනසුරාදා (නොවැ 12) කටයුතු කරන ලදී.

කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අනුයුක්ත සෙබළුන් පිරිසක් මේ සඳහා පිටත් කර යවා ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර හේතුවෙන් ගඟ දිගේ ගලා ගිය අපද්‍රව්‍ය පාලම යට එකතු වී ගඟේ ජල ප්‍රවාහයට බාධා ඇති වී තිබේ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත 14 වන සේනාංකය යටතේ ඇති 144 බලසේනාවේ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සහ 2 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් එම කාර්යය සඳහා පැමිණ නවගමුව පොලිසියේද සහාය ඇතිව පැය කිහිපයක් ඇතුළත එම අවහිරය ඉවත් කළ බව එහි සඳහන් වේ.