මධ්‍යම අප්‍රිකා ජනරජයේ සාම සාධක රාජකාරියේ නියුතු ගුවන් හමුදා සාමාජිකයින් විසින් සිවිල් සුභසාධන වැඩසටහන් සිදු කරයි

සැප්තැම්බර් 02, 2019

මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම (Multidimensional Integrated Stabilization Mission in the Central African Republic) පසුගිය මාසයේදී  සිවිල් ජනතාව සහ ආරක්ෂක අංශ අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් සමාජ සුභසාධන  ක්‍රියාකාරකම් සහ ඖෂධ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් කිහිපයක් සිදු කර ඇත. ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරන අන්දමට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා (Bria) නගරය අවට පිහිටි ගම්මානවල ගැටුම්වලට ගොදුරු වූ ප්‍රදේශවාසීන්ට සහ ළමුන්ට උපකාර කිරීම සඳහා මෙම වැඩසටහන් පවත්වා ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම  විසින් සිදු කල මෙම සුභසාධන වැඩසටහන මඟින් ළමුන් 1000 කට වැඩි පිරිසකට ඇඳුම්, සෙල්ලම් බඩු සහ පාපන්දු තෑගි කරන ලද අතර, සාම සාධක බලඇණියේ සාමාජිකයින් විසින් පරිත්‍යාග කරන ලද ලිපි ද්‍රව්‍ය ද ළමුන් අතර බෙදා දෙන ලදී. මෙම වැඩසටහන් අතරතුරදී ඔවුන් විසින් එක දිනක ආහාර වේලක වටිනාකම කැප කර ආහාර පැකට් 2000 කට වැඩි ප්‍රමාණයක් පිළියෙල කර ප්‍රදේශවාසීන් අතර බෙදාහැරීමටද කටයුතු කර ඇත.

ඖෂධ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් බ්‍රියා (Bria) නගරයේ රෝහලේ සිවිල් සුභසාධන කටයුතුවලට සමගාමීව සිදු කරන ලදී