විපතට පත්ව සිටි ඉන්දියානු ධීවරයින්ට නාවික හමුදාවේ සහාය

සැප්තැම්බර් 02, 2019

උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක සිටි නැවියන් විසින් යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට පත්වී තිබු ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දියානු ධීවරයින් සිව් දෙනෙකු ඉරිදා දින (සැප්තැම්බර් 01) නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.

නාවික හමුදා සෙබළුන් වෙත ඉරිදා උදෑසන උතුරු මුහුදේදී ට්‍රෝලර් යාත්‍රාව නිරීක්ෂණය වීමෙන් පසුව ඉතා කඩිනමින් ආධාර ලබා දී ඇත. වයස අවුරුදු 37 ත් 60 ත් අතර වයස්වල පසුවන ඉන්දීය ධීවරයින් දීර්ඝ වෙලාවක් රළු මුහුදේ යාත්‍රා කිරීම නිසා වෙහෙසට පත්ව සිටි අතර ඔවුන් සිව්දෙනා වෙත නාවික හමුදාව විසින් ආහාර පාන ලබා දී ඇත.

ධීවරයින් සහ යාත්‍රාව නාවික හමුදා භටයින් විසින් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යාපනය ධීවර පරීක්ෂක වෙත භාර දෙන දී ඇත.