නව යුධ හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි

සැප්තැම්බර් 03, 2019

නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.

පසුගිය මාසයේ (අගෝස්තු 21) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද හමුදාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්තුමන් නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම හමුවේදී නව හමුදාපතිවරයා හා ආරක්ෂක ලේකම්තුමන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුනු අතර එතුමන් විසින් නව යුද හමුදාපතිවරයාට සිය සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා සමරු සිහිවටන හුවමාරුවක්ද සිදු විය.