ශ්‍රී ලංකා පොලිසිය සිය 153 වන පොලිස් දිනය සමරයි

සැප්තැම්බර් 04, 2019

ශ්‍රී ලංකා පොලිසිය සිය 153 වන ‘පොලිස් දිනය’ සැප්තැම්බර් 03 (2019) වන දින සමරන ලදී. පොලිස් මාධ්‍යට අනුව ඊයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පොලිස් දින සැමරුම් උත්සවය පවත්වා ඇත. පොලිසියේ සම්ප්‍රදායන්ට අනුකූලව පැවති උත්සවය වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකා පොලිසිය 1866 සැප්තැම්බර් 03 වන දින ස්ථාපිත කර ඇත.

මේ අතර මෑතකදී එංගලන්තයේ පැවති ජාත්‍යන්තර පොලිස් ක්‍රිකට් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ශූරයන් බවට පත්විය. බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ශූරතාව හිමි කර ගෙන ඇත. වෝසෙස්ටර් (Worcester) පොලිස් ක්‍රිකට් සමාජය මඟින් සංවිධානය කල මෙම තරඟාවලිය අගෝස්තු 12 වන දින සිට 16 දින දක්වා පවත්වන ලදී